බුකියේ මඩවලට එරෙහිව මහින්ද නීති මාර්ගයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර දියත් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ කණ්ඩායම් කිහිපයක් මේ වනවිට කටයුතු කරමින් සිටින බව ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නම්වලින් පෙනී සිටිමින් පොදුජන පෙරමුණට හා එම පක්ෂ නායකයන්ට මඩ ප්‍රහාර දියත් කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දී ඇති බව පොදුජන පෙරමුණු මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසුවා.

මෙම මඩ ප්‍රහාර එල්ල කරන පිරිස පසුගිය දා පැවති අරගලයේදී ද තම පක්ෂයටත්, නායකයන්ටත් විශාල වශයෙන් අගතියක් වන ලෙස අපහාස සිදු කළ බවත් පක්ෂයට සම්බන්ධ නීතිඥවරුන් මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත් ඔහු පැවසූවා.

එළඹෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් පොදුජන පෙරමුණු පක්ෂය පිළිබඳව ජනතා අප්‍රසාදය ඉස්මතු කරලීම සඳහා මෙම පිරිස ලෙස එක්වී පක්ෂයට පහර දෙන බව ද ඒ මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
අවුල් වගේ !
0
හරි හිනා !
149
හම්මෝ !
3
මාර දුකයි !
9
මලපනිනව !
46
කුජීතයි !
39
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?