spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බීමත් රියදුරෙක් පොලිසියේ ස්ථානාධිපතිවරයෙක්ව යට කරලා

බීමත්ව අපරික්ෂාකාරී ලෙස වෑන් රථයක් ධාවනය කර දිවුලපිටිය නගරයේ රථ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි දිවුලපිටිය පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාව ඊයේ (30) රාත්‍රී හිතාමතා හප්පා මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා මත වෑන්රථ රියදුරාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර ලබන 14 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය අද (31) නියම කලාය .

මෙසේ රිමාන්ඩ් භාරයට ගෙන ඇති වෑන් රථ රියදුරු දිවුලපිටිය, ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දිවුලපිටිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව අධිකරණයේ දී සඳහන් වුනා.

ස්ථානාධිපතිවරයා තවත් නිලධාරීන් පිරිසක් සමඟ දිවුලපිටිය නගරයේ පොළ හන්දියේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරිය ඉටු කරමින් සිටින අවස්ථාවේ අපරික්ෂාකාරි ලෙස ධාවනය වෙමින් තිබූ වෑන් රථය නවතන ලෙසට සංඥා කර ඇති බව පොලිසිය පැවසුවා.

එයට කෝපයට පත් රියදුරු හිතාමතාම නිලධාරියාව වෑන් රථයෙන් හප්පා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි අධිකරණයේ දී අනාවරණය වුනා.

අනතුර සිදු කිරීමෙන් අනතුරුව වෑන් රථය පලාගොස් ඇති බවත් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසුවා.

වෑන් රථයේ ගැටුණු නිලධාරියා සිටි ස්ථානයේ සිට මීටර් 25 ක පමණ දුරක් විසිවී ගොස් තිබූ බව ද පොලිසිය පැවසු අතර සැකකාර රියදුරුව මීගමුව රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බීමත්ව සිටින බවට අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුකම පමණක් උරුම වූ කිරි ගොවීන් - "දෙවියෝ විතරයි අපිට ඉන්නේ"
03:58
Video thumbnail
නව අධිවේගී මාර්ගය තව දින කිහිපයකින් ජනතා අයිතියට... #highway
03:37
Video thumbnail
මිල දර්ශනය නොකරන වෙළෙඳුන්ට වැඩ වරදී...
01:41
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-18
50:36
Video thumbnail
අම්බලන්ගොඩ ඝතාකයින්ගේ CCTV දර්ශන මාධ්‍යට - හමුවූ අත්වැසුම් ඝාතකයින්ගේද? #clubwasantha
05:23
Video thumbnail
අද දින සිට නිලන්ත ජයවර්ධනට දුන් අනිවාර්ය නිවාඩුව...
02:18
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-18 | Dasatha News
37:48
Video thumbnail
තිත්ත ඇත්ත දුමින්දගේ කටින් පනී - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය රනිල්ට ද? අනුරට ද? #slpp #npp #unp
04:35
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය Supreme තුළින් බලාපොරොත්තු වන්න…
00:45
Video thumbnail
තිලංග සුමතිපාල - නිමල් සිරිපාලගේ රෙදි ගලවයි... #thilangasumathipala
06:37

?