බීඩි කොළ සහ දුම්කුඩු තොගයක් රැගත් ලොරියක් තිදෙනෙකු සමඟ අල්ලයි (ඡායාරූප)

බීඩි කොළ සහ දුම්කුඩු තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 03 කු නාවුක හමුදාව විසින් අත් අඩංගුවට ගෙන කල්පිටිය පොලීසියට බාර දී තිබෙනවා.

ඊයේ (21) වෙනිදා කල්පිටිය – ආනවාසල ප්‍රදේශයදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ලොරි රථයේ තිබී උර 48 ක ඇසිරූ බීඩි කොල කිලෝ ග්‍රැම් 1508 ක්,උර 08 ක් ඇසිරූ දුම් කොල කිලෝ ග්‍රැම් 129 ක් සහ උර 39 ක් ඇසිරූ දුම්කොල කැබලි කිලෝ ග්‍රැම් 744 ක් ද නාවුක හමුදාව විසින් කල්පිටිය පොලීසියට බාර දි ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් කරුවන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28, 31 හා 36 වන ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය

සැකකරුවන් අද (22) කල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?