බිරිඳගේ හිසට පිහියකින් පහර දී සැමියා ගෙළ කපාගෙන

පවුල් ආරවුලක් මත තම බිරිඳගේ හිසට පිහියකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයෙක් තියුණු ආයුධයකින් ගෙළ කපා ගැනීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා මීගලෑව රෝහලට ඇතුළත් කර ඇති බව මීගලෑව පොලීසිය පවසනවා.

ඊයේ (16) සවස් කාලයේ මෙම සිද්ධිය සිදුව ඇති අතර සැමියාගේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව ද එම රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

සැකකාර ස්වාමියා පුරුෂයා පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි තොරතුරු වාර්තා වුණේ.

මීගලෑව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?