බෑංකී මූන් කථානායක හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්, ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ (Global Green Growth Institute (GGGI) ) වත්මන් සභාපති බෑන් කී මූන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා.

පාර්ලිමේන්තුවට පැමිණි බෑන් කී මූන් මහතාව පිළිගනු ලැබුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින්.

ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ (GGGI) සභාපතිවරයා ලෙස බෑන් කී මූන් මහතා මෙහිදී හරිත සංවර්ධනය, තිරසාර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ අතර කාබන් අවම තිරසාර සංවර්ධනයක් සහිත ආර්ථිකයක් ගොඩ නැංවීම සඳහා නව්‍ය හවුල්කාරිත්වයක අවශ්‍යතාවය පෙන්වා දී තිබෙනවා.

දේශපාලනය තුළ ප්‍රතිපත්ති සකස් කිරීමේදී හරිත සංවර්ධන ආකෘතියක් අනුගමනය කිරීමත් ඒ සදහා සඳහා අවශ්‍ය හඬ පාර්ලිමේන්තුව තුළින්ම නැඟිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම විෂයට අදාළ නිලධාරීන් අතර පුළුල් දැනුවත්භාවයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් කථානායකවරයා එම ඉලක්කයන් සපුරා ගැනීම සඳහා තම පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වී තිබෙනවා.

පැවති සුහද සාකච්ඡාවෙන් අනතුරුව බෑන් කී මූන් මහතා, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වූන්ජින් ජියොන්ග් මහතා සහ GGGI අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෆ්‍රෑන්ක් රිජ්ස්බර්මන් මහතා ඇතුළු දූත පිරිස පාර්ලිමේන්තු සභා ගර්භයේ සංචාරයක ද නිරත වුණා.

Ban Ki Moon visit 20230207 24
Ban Ki Moon visit 20230207 23
Ban Ki Moon visit 20230207 22
Ban Ki Moon visit 20230207 21
Ban Ki Moon visit 20230207 17
Ban Ki Moon visit 20230207 20
Ban Ki Moon visit 20230207 19
Ban Ki Moon visit 20230207 18 1
Ban Ki Moon visit 20230207 18
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?