Fly high Get bonus Aviator Phone

බැංකු අසරණ වෙයි! කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්!

ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුධයෙහි ප්‍රතිඵල මේවන විටත් ජනතාව උග්‍ර ලෙස භුක්ති විඳිමින් සිටිනවා.

රට තුළ ඇති ඩොලර් හිඟය මෙම ආර්ථික අර්බුධයට ප්‍රධාන හේතුවක් වී ඇති බව යි ආර්ථික විශේෂඥයින් සඳහන් කරන්නේ.

මෙවන් පසුබිමක “ඉකොනොමි නෙක්ස්ට්” (Economy Next) වෙබ් අඩවිය අනාවරණය කරන්නේ මෙරට බැංකු අතර ඩොලර් අරමුදල් සපයා ගැනීමේ දී දැරීමට සිදුව ඇති පිරිවැය 50%කින් වැඩි වී ඇති බව යි.

බැංකු අතර ඩොලර් හුවමාරුව

යම් බැංකුවකට ඩොලර් අවශ්‍ය වූ විට, ඩොලර් පවතින තවත් බැංකුවකින් මාසයක කාලයක් සඳහා හුවමාරු පදනම මත ඩොලර් ලබා ගැනීම සිදුවනවා.

මෙම ක්‍රියාවලියේ දී සිදුවන්නේ ඩොලර් අවශ්‍ය බැංකුව විසින් ඩොලර් ඇති බැංකුව වෙත පවතින විනිමය හුවමාරු වටිනාකම මත රුපියල් ලබා දී එම වටිනාකමට ඩොලර් ලබා ගැනීම යි.

ඩොලර් ලබා දුන් බැංකුව මාසයකට පසුව අදාළ වටිනාකමට සරිලන රුපියල්, ඩොලර් ලබා ගත් බැංකුවට ආපසු ලබා දී සිය ඩොලර් ප්‍රමාණය නැවත ලබා ගැනීම සිදුවනවා.

දැන් තත්ත්වය

ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය අනාවරණය කරන්නේ මේවන විට ඩොලර් අවශ්‍ය බැංකුව විසින් ඩොලර් ලබා දෙන බැංකුවට ඩොලරයකට රුපියල් 200ක් දී ඩොලර් මිල දී ගැනීම සිදුවන බව යි.

මාසයකට පසුව ඩොලර් ලබා දුන් බැංකුව විසින් ඩොලර් ආපසු මිල දී ගැනීමේ දී ඩොලරයක මිල ලෙස ගණන් බලන්නේ රුපියල් 192.25ක වටිනාකමක් බව යි එම වෙබ් අඩවිය වැඩිදුරටත් පවසනවා.

ඒ අනුව ඩොලර් ලබා දුන් බැංකුව ඩොලර් ආපසු මිලට ගැනීමේ දී ඩොලර් ලබා ගත් බැංකුව වෙත ඩොලරයක් සඳහා වූ රුපියල් වටිනාකම රුපියල් 7.75ක් අඩුවෙන් ලබා දෙන බව අදාළ වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

වෙනත් ආකාරයකින් කිවහොත් ඩොලර් අවශ්‍යතාවක් මත වෙනත් බැංකුවකින් ඩොලර් ලබාගන්නා බැංකුවකට එම කටයුත්ත ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත්තේ ඩොලරයක් සඳහා රුපියල් 7.75ක පාඩුවක් දරාගනිමින්.

මෙම වියදම වාර්ෂිකව ගණන් බැලීමේ දී 50%ක ප්‍රමාණයක් බව යි ඉකොනොමි නෙක්ස්ට් අනාවරණය කරන්නේ.

බැංකු අසරණ වෙයි

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙරට බැංකු ඉතාමත් අසරණ තත්ත්වයකට පත්ව ඇති බව යි.

ඩොලර් ලබා ගැනීමට වෙනත් ක්‍රමයක් නොමැති වීම මත ඔවුන් මෙලෙස පාඩු විඳගනිමින් ඩොලර් අවශ්‍යතාව සපුරා ගැනීමට එකඟවන බව යි ඔහු පෙන්වා දෙන්නේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවට දස වධ දී දෙසැම්බර් 31 වැනි දා දක්වා රුපියල වර්තමාන අගයෙහි පවත්වා ගැනීමට ආණ්ඩුව ක්‍රියා කරනු ඇති බව යි.

රුපියල පා වීමට ඉඩ හැරය හොත්, ඩොලරයක අගය රුපියල් 240ක් පමණවනු ඇති බවත්, එසේ සිදුවුවහොත් ආණ්ඩුව මේවන විට පෙන්වා දී ඇති ආර්ථික වර්ධන වේගය, උද්ධමනය, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය ආදී දර්ශකවල අගයන් ආණ්ඩුවට අවාසිදායක ලෙස වෙනස්වන බව යි.

පහුවෙලා ගන්න තීරණ

මීට මාස 13කට පමණ පෙර ගන්නට තිබූ තීරණ ආණ්ඩුව විසින් දැන් ගන්නට යන බව ද හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම යම් කාර්යයක දී එම ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් උපදෙස් ගැනීමට ආණ්ඩුව කිසිදු ආකාරයකින් කටයුතු නොකළ බව ද ඔහු සඳහන් කළා.

කෘෂි කර්මයේ දී, සෞඛ්‍යයේ දී මෙන්ම ආර්ථිකයේ දී ද ආණ්ඩුව ක්‍රියා කළේ ඒ ආකාරයෙන් බව යි ආචාර්යවරයා ප්‍රකාශ කළේ.

“තමන්ගේ උද්දච්චකමට, තමන් සියල්ල දන්නවා, අපි තමයි හොඳටම කරන්නේ කියලා දැන් මේ රට සම්පූර්ණ අගාධයකට තල්ලු කරලා දාලා තියෙන්නේ. කරුණාකරලා දැන් වත් විශේෂඥ උපදෙස් අනුව වැඩ කරන්න”

අනතුරු ඇඟවීමක්

මෙවන් පසුබිමක මෙරට වානිජ මණ්ඩල 10ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවන්නේ පවතින තත්ත්වය මත බැංකු පද්ධතියේ ගැටළු ඇතිවිය හැකි බව යි.

සිය දිගු කාලීන ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට නොහැකි වීම මත එවන් තත්ත්වයක් පැණනැගුණහොත් එය මෙරට බැංකු පද්ධතියේ කීර්තිනාමයට ද හානියක් බව ඔවුන් පෙන්වා දෙනවා.

විදේශ විනිමය අර්බුධය හේතුවෙන් සැපයුම්කරුවන් සහ ගනුදෙනුකරුවන් අතර විශ්වාසය බිඳ වැටීමේ අවදානමක් පවතින බව යි.

උත්සව සමයට බඩු නැතිවේවි

ව්‍යාපාරවලට ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වී ඇති බවත්, ඒ හරහා භාණ්ඩ වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වී ඇති බවත් අදාළ නිවේදනයෙහි සඳහන් කර තිබෙනවා.

මේ නිසා උත්සව සමයට අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීමේ දී අර්බුධකාරී තත්ත්වයක් හටගනු ඇති බව යි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මේ මොහොතේ දී රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම අතිශය වැදගත් වුවත් ආනායන බදු පහත වැටී ඇති බව පෙන්වා දෙන අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඒ හරහා රජයට ආදායම් අහිමි වීමක් ද සිදුවන බව යි.

ඒ නිසා ණය ලබා ගැනීමේ විනිමය හුවමාරු ගිවිසුම් පිළිබඳ කටයුතු කඩිනම් කරන ලෙස අදාළ නිවේදනයෙන් රජයෙන් ඉල්ලීමක් ද සිදු කොට තිබෙනවා.

කොටස් වෙළඳපොළේ ඉතිහාසය වෙනස් වෙයි

කොළඹ කොටස් වෙළඳපොළෙහි දර්ශක ඊයේ (24) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මෙහි දී සියළු කොටස් මිල දර්ශක අගයන් ඒකක 12,000 සීමාව ඉක්මවා ඇති අතර එවැන්නක් සිදුව ඇත්තේ ඉතිහාසයේ පළමු වරට බව යි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ ගනු දෙනු අවසානයේ දී සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 12, 070.68ක් ලෙස සටහන් වූවා.

එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 119.45ක ඉහළ යාමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම වෙසක් සිරියෙන් නැහැවෙද්දී ගමක් එකතුවෙලා කරපු දේ
08:30
Video thumbnail
කොට්ටා උරයෙත් නම ගහලා දෙන අපේ බෞද්ධයෝ
15:46
Video thumbnail
සංසාරේ කිසිම දවසක කිසිම කෙනෙක් රවට්ටන්න එපා - මේ කතාව අහන්න වටිනවා
06:36
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට තොරණක දිග හැරුණු ජාතක කථාව - තොරණ බලන්න මහ සෙනගක්
02:42
Video thumbnail
ජීවිත 22 ක් බිලිගත් අනතුර සම්බන්ධව කරුණු සෙවීමට ගිය කමිටුව හෙළිකරගත් දේ
02:55
Video thumbnail
අප්‍රසන්න ටික්ටොක් කරන කෙල්ලන්ට උණ ගැනෙන්න කියපු කතව
10:08
Video thumbnail
ජීවිත 22ක් බිළිගත් බිහිසුණු බස් අනතුරෙහි ඔබ නොදුටු දසුන්
01:25
Video thumbnail
දැකලා තියෙනවද මෙහෙම දන්සැලක් - පට්ට කොල්ලො ටිකක්
03:26
Video thumbnail
🔴BREAKING NEWS මත්තල උඩු යටිකුරු කෙරූ කාර් - වෑන් රිය අනතුර
01:28
Video thumbnail
පොලිසියත් අන්ද මන්ද කරපු සිඟිති පාතාලය - බයික් එක්කම කුදලන් යයි
02:08

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?