Indian Premier League

බැංකුවට ගිය කාන්තාවගේ සිරුර වෙළඳසැලක ගෝනියක

වාලච්චේන ප්‍රදේශයේ අතුරුදහන් වූ කාන්තාවකගේ බවට සැක කරන මළ සිරුරක් ගෝනියක දමා තිබිය දී වෙළඳසැලකින් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

වෙළඳ සැලක ගෝනි දෙකක් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එම ගෝනි පරීක්ෂාවට ලක් කර තිබුණා.

ඉන් එක් ගෝනියක පොහොර තිබී ඇති අතර සෙසු ගෝනියේ කාන්තාවකගේ මළසිරුරක් තිබී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

මෙම කාන්තාව බැංකුවට යන බව පවසා (05) පස්වරුවේ ත්‍රිරෝද රථයකින් නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර පසුව නිවසට නොපැමිණ ඇති බවයි පොලිසියට ලැබුණු පැමිණිල්ලක සඳහන්ව තිබුණේ.

මෙම කාන්තාව ගමන් කළ බව කියන ත්‍රීරෝද රථයේ රියදුරු මෙම ගෝනි වෙළඳසැලට ගෙනැවිත් ඇති බවට සැකකරන අතර එම රියදුරු සහ වෙළඳසැලේ හිමිකරුව මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

651b92af e089 4792 a916 7655011ede11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?