බාලවයස්කාර දැරියක් කරකාර බඳින්න ගිය 19 තරුණයා අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් විවාහ කර ගැනීමට උත්සාහ කළ තරුණයෙක් අඟුලාන පොලිසිය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව, අඟුලාන ප්‍රදේශයේ දී මෙම තරුණයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

බාලවයස්කාර දැරිය සහ තරුණයාගේ විවාහට පෙර දෙපාර්ශ්වය අතර පැවති සාදයක් අතර තුර පොලිසිය ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එහි පැමිණ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයා 19 හැවිරිදි වියේ පසුවන අතර බාලවයස්කාර දැරිය 15 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වුණේ.

පොලිස් අත්අඩංගුවට පත් තරුණයා අද (09) දින මොරටුව අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර, අදාළ බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල වෙත යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?