බ්‍රිතාන්‍ය කතගේ ලක්ෂ 83ක රත්තරං උස්සලා

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක විසින් මිළදී ගත් ස්ටර්ලිං පවුම් 18500ක වටිනාකමකින් යුත් සුදු සහ කහ රත්තරං තොගයක් සොරකම් කිරිම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය ජාතික ලින්ඩා බ්‍රව්මන් නැමැති 75 හැවිරිදි කාන්තාවක විසින් ඊයේ රාත්‍රී 11ට පමණ කළ පැමිණිල්ලක් අනුවයි මෙලෙස පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ.

ඇය කළුතර උතුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින අතර දින කිහිපයකට පෙර ත්‍රී රෝද රථයකින් අලුත්ගම ප්‍රදේශයට ගොස් එහි ප්‍රධාන ස්වර්ණාභරණ අලෙවි සැලකින් රන් ආභරණ මිළදී ගෙන තිබෙනවා.

ඒ සඳහා සංචාරක මගපෙන්වන්නන් ලෙසින් කටයුතු කළ දෙදෙනෙකු රන් ආභරණ ලබාගත් බවටයි ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

රන් භාණ්ඩවල වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ අසු තුනකට අධික බව සදහන්.

මෙම කාන්තාව එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ පදිංචිකාරියක වන අතර මීට සති දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
3
මාර දුකයි !
7
මලපනිනව !
1
කුජීතයි !
4
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?