AFC Banner
Empty Ad
Empty Ad

බ්‍රිතාන්‍යයෙන් ලංකාවේ ගුරුවරුන්ට පුහුණුවක්

පාසල් දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් දියුණු කිරීම සඳහා ශාරීරික අභ්‍යාස ගුරුවරුන් නිවැරදිව පුහුණු කිරීමට සහයෝගය දෙන ශ්‍රී ලංකාවේ බ්‍රිත්‍යාන්‍ය මහකොමසාරිස්වරිය අද (14) පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් නිල නිවසේදී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදීය.

ක්‍රිකට් හැරුණු කොට සෙසු ක්‍රීඩාවන්ට අවශ්‍ය දැනුම, පුහුණුව, තාක්ෂණය සහ අවබෝධය, ලබාදීමට ඇය කැමැත්ත පළකල අතර විදේශයන්හි පුහුණුව ලබන තරුණ තරුණියන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමටත්, උසස් අධ්‍යාපනයෙන් පසු විදේශ රැකියා සඳහා යොමු වීමට අවශ්‍ය පුහුණුව ලබාදීමටත් එතුමිය එකඟතාවය පල කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?