යාපනය – මහනුවර මාර්ගයේ දී සුඛෝපභෝගී පුද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළී ගොස් තිබේ.
වැල්ලවත්ත සිට යාපනය දක්වා ධාවනය වු එම බස්රථය රියදුරුට පාලනය ගත නොහැකිව ඉකිරිගොල්ලෑව රණවිරු ගම්මානය හන්දියේ දී පෙරළී ගොස් ඇතැයි පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ දී බස්රථය තුළ මගීන් 46දෙනෙක් සිට ඇති අතර ඉන් මගීන් 8දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.අනතුරින් 74 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1