spot_imgspot_img
spot_img

බස් රථය තුළ දී බිරිඳගේ පර්ස් එක සැමියා උස්සලා

දීපවාලි උත්සවය වෙනුවෙන් නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඇඳුම් පැළදුම් රැගෙන යාමට හැටන් නගරයට පැමිණි කාන්තාවකගේ සොරාගත් මුදල් පසුම්බිය සොයාදීමට හැටන් පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

මෙම කාන්තාව ඊයේ (11) හැටන් නගරයට පැමිණ නැවත බගවන්තලාව බලායාමට පෞද්ගලික බස් රථයට ගොඩ වී මුදල් පසුම්බිය පරීක්ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේ දී මුදල් පසුම්බිය නොමැති බව දැනගත් අදාළ කාන්තාව ඒ සම්බන්ධයෙන් බස් නැවතුම්පොළේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට පවසා ඇති බවයි වාර්තා වුණේ.

අදාළ කාන්තාව එහිදී පවසා ඇත්තේ බස් රථය තුළ දී තම මුදල් පසුම්බිය නැති වූ බවට සැකයක් පවතින බවයි.

ඒ, අනුව පොලිස් නිලධාරීන් විසින් එම අවස්ථාවේ බස් රථය තුළ සිටි මගීන් සියලුදෙනා ඉන් බස්සවා ඔවුන්ව පරීක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.

එලෙස සිදුකළ පරීක්ෂා කිරීමේ දී අදාළ කාන්තාවගේ සැමියාගේ සාක්කුවේ තිබී ඇයගේ මුදල් පසුම්බිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව පොලිස් නිලධාරීන් විසින් සැමියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ මත්පැන් බෝතලයක් මිල දී ගැනීමට තමන් සතුව මුදල් නොමැතිවීම හේතුවෙන් බස් රථය තුළ දී බිරිඳගේ මුදල් පසුම්බිය සොරකම් කළ බවයි.

අනතුරුව පොලිසිය විසින් සැමියාට දැඩිලෙස අවවාද කර මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?