Indian Premier League

බස් රථයක පෙරළී අනතුරට ලක්වෙයි

ඊයේ (27) රාත්‍රීයේ අනුරාධපුර සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.එම අනතුර සිදුව තිබුණේ, මින්නේරිය පොලිස් වසමේ බටුඔය ප්‍රදේශයේදීය. 

බස් රථයේ මගීන් 30 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඉන් තුවාල ලැබූ මගීන් 06 දෙනෙකු හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහල වෙත මාරුකර යවා තිබේ.බස් රථ රියදුරගේ අපරික්ෂාකාරී රිය පැදවීම හේතුවෙන් එම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?