spot_imgspot_img

බස් රථයක් තුළ සිටි සිසුවෙක් ජීවිතක්ෂයට පත් වූ පාලින්දනුවර මාරක අනතුර

පාලින්දනුවර, කෙලින්කන්ද සිට මතුගම දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාකිළිඇල්ල අසලදී අද (10) පෙරවරුවේ අනතුරකට ලක්ව තිබෙනවා.

මෙම අනතුරෙන් වයස අවුරුදු 18ක සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ පස් කණ්ඩියකට හේත්තු වී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයින් දසදෙනෙකු පමණ බුලත්සිංහල සහ පාලින්දනුවර රෝහල්වලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ කෙලින්කන්න්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිල්ශාන් මදුරංග නැමැති සිසුවෙක්.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම මාර්ගයේ මසක් ඇතුළත සිදු වූ දෙවැනි මාරක අනතුර මෙය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?