බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඊයේ (15 ) දිනයේ බස්නාහර පළාතේ ධාවනය වන බස් රථවල ටිකට් පත් පරීක්ෂා කිරීමේදී ටිකට් පත් ලබා නොදුන් කොන්දොස්තරවරුන් 88 දෙනෙක් සහ ටිකට් පත් ලබා නොගන්නා මගීන් 5 ක් සදහා දඩ ගැසීම සිදුකළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ ප්‍රකාශ කළා.
ප්‍රවේශපත්‍ර ලබා නොගන්නා මගීන්ට රුපියල් 100යක ගාස්තුවක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් අය කිරීම මෙහිදී සිදු කරන බව ඔහු සඳහන් කර තිබෙනවා.
ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් යනුවෙන් අදහස් වනුයේ මගියා බසයට නගින ස්ථානයේ සිට දෙගුණයක් නොවන බවත් බස් රථය ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා වූ ගාස්තුව මෙන් දෙගුණයක් බවත් ගාමිණී ජාසිංහ වැඩිදුරටත් පවසා සිටියා.
මෙය දීර්ඝකාලීනව සිදුකරන බවත් ඉදිරියේදී අතුරු මාර්ගවලද මෙම පරික්ෂා කිරීම් අඛණ්ඩව සිදුකරන බවට කියාසිටි ඔහු ටිකට් පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් පවතී නම් 070 28 60 860 යන දුරකථන අංකයට තොරතුරු ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටිනවා.





