බස් ගාස්තු අඩුවීම මිල සූත්‍රයට අනුව

බස් ගාස්තු අඩුවීම මිල සූත්‍රයට අනුව සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

කළුතර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

බස් ගාස්තු අඩුකළ හැකිවන පරිදි ඉන්ධන මිල අඩුවීමක් සිදුකිරීමට හැකි බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළ බව ද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

මේ අතර ලබන 01 වනදා සිට 12 වනදා දක්වා මාර්ගවල දෙපස, මාර්ගවලට අවහිරයක් නොවන අයුරින් තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට අවසර ලාබාදීමක් සිදුකරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?