spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස්නාහිර පළාතේ ලාදුරු රෝගීන් සංඛ්‍යාවෙහි වැඩිවීමක්

අනෙක් වසංගත රෝග මෙන්ම ලාදුරු රෝගීන් විශාල සංඛ්‍යාවක් ව්‍යාප්ත වී ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පවසයි.

ජනවාරි 28ට යෙදෙන ලෝක ලාදුරු දිනයට සමගාමීව ලාදුරු තුරන් කිරීමට නව මංපෙත් නමින් පසුගියදා (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය මේ බව පැවසුවේ

ලංකාවේ ලාදුරු රෝගීන් 1550ක් වාර්තා වන විට එයින් 599ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවද, එනම් ලාදුරු රෝගී තත්ත්වයෙන් 40%ක්ම බස්නාහිර පළාතේ ඇති බවද පැහැදිලි කළ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය කොළඹ දිස්ත්‍රික්කයේ 315ක්ද, ගම්පහෙන් රෝගීන් 168ක් සහ කලුතරින් 116ක් වශයෙන් ලාදුරු රෝගීන් වාර්තා වී ඇතැයි පැවසුවා.

එමෙන්ම ලංකාවෙන්ම වාර්තා වන ළමා ලාදුරු රෝගීන් 173න් 69 දෙනෙකුම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවද මේ නිසා රෝගය වැළැක්වීමේදී බස්නාහිර පළාතේ රෝග තත්ත්වය ලාදුරු රෝග පාලනයට ඉතාම වැදගත් බවද සඳහන් කළා.

ළමා ලාදුරු රෝගීන් වාර්තා වීම මේ වන විට දක්නට ලැබෙන බවද, නමුත් පාසල් වලදී ළමයින්ගෙන් ළමයින්ට වසංගතයක් ලෙස මෙය පැතිරීමක් සිදුනොවන බවද කියාසිටි වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය ළමයින්ට රෝගය වැළඳී ඇත්තේ ඔවුන්ගේ නිවෙස් වල ඔවුන් සමඟ වසර ගණනාවක් සමීපව ඇසුරු කරන දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් බවද අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?