බස්නාහිර පළාතේ පාසල් දරුවන්ට විශේෂ පණිවුඩයක්

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ පාසල් ළමුන් සඳහා හෙට (01) දින සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බවයි.

පළමු අදියර බස්නාහිර පළාතේ ගම්පහ, හොරණ, කළුතර සහ කොළඹ යන ප්‍රදේශවල පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා මෙම බස් රථ යෙදවීමට නියමිතව තිබේ.

මේ සඳහා අතිරේක බස් රථ 40ක් පමණ යොදවන අතර උදෑසන 7.30ට පාසල් වෙත අදාළ බස් රථ මඟින් සිසුන් ප්‍රවාහනය කිරීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ.

පාසල් අවසන් වීමෙන් පසු යළි එම බස් රථ ගමනාන්තය දක්වා ගමන් කිරීමට නියමිත බව ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
30
අවුල් වගේ !
5
හරි හිනා !
9
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
6
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?