බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයකු හොරණ පෝරුවදන්ඩ මගුරුවෙල මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පැවසීය
එම සැකකරු සමඟ වෝටර් ජෙල් කරල් 15 ක් හා ඩෙටනේටර් 5 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු සේවය කරන පෝරුවදණ්ඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ආයතනයක පිහිටි භූමියේ කළු ගලක් කැඩීම සඳහා රැගෙන එන ලද පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සොරා ගෙන පැමිණි බවට අනාවරණ වූ බව පොලිසිය පවසයි.
සැකකරුගෙන් මෙම පුපුරන ද්‍රව්‍ය සොරා ගැනීම සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී තම වත්තේ පිහිටි ලිදේ පිහිටි ගලට බෝර දැමීම සඳහා රැගෙන ආ බවට ප්‍රකාශ කළ බවයි ප්‍රකාශ කර ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි බොරුලු ගොඩ පදිංචිකරුවෙක්
සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය