බලපත්‍ර නොමැතිව අධිවේගයේ මගීන් ගෙන ගිය බස්වලට නඩු (වීඩියෝ)

කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරන මුවාවෙන් සාමාන්‍ය මගීන් අධිවේගී මාර්ගය හරහා අනවසරයෙන් කොළඹට ප්‍රවාහනය කළ බස් රථ 4කට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පියවර ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසනවා.

අද උදෑසන කොට්ටාව අධිවේගී පිවිසුම අසල දී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ පොලිසිය එක්ව සිදු කළ වැටලීමකින් අනතුරුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

සාමාන්‍ය මගීන්ගෙන් හා බලපත්‍රලාභී මගී ප්‍රවාහන බස් රථ හිමියන්ගෙන් මගී ප්‍රවාහන අධිකාරියට ලැබුණු තොරතුරුවලට අනුව පොලිසිය හා එක්ව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

සාමාන්‍ය මගීන් මෙන්ම ආසන ගණන ඉක්මවා හිටගෙන යන මගීන් ද මේ අතර සිටි අතර අධිවේගී මාර්ගයේ වාහනවල හිටගෙන ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

මෙම වැටලීමේ දී මතුගම, කළවාන, බදුරලිය, ඇල්පිටිය, නෙළුව ඇතුළු ප්‍රදේශ ගණනාවක සිට කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන බස් රථවලින් මුදල් අයකරගෙන සාමාන්‍ය මගීන් කොළඹට ප්‍රවාහනය කල බස්රථ 4ක බලපත්‍ර පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බස්රථ විස්සක් පමණ මෙහිදී පරීක්ෂා කර ඇති අතර, අනවසරයෙන් සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කළ බස්රථ 4ක් අනාවරණ වීම හේතුවෙන් ඔවුන්ගේ බලපත්‍ර පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?