spot_imgspot_img

බලංගොඩ – ඕපනායක අනතුරකින් හයක් රෝහලේ

බලංගොඩ, ඕපනායක, උඩවෙල ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයක් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තරුණියක් ඇතුළු හයදෙනෙක් තුවාල ලබා බලංගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඩිෆෙන්ඩර් රථයේ ගමන්ගත් තරුණියක් සහ තරුණයින් සිව්දෙනෙක් මෙන්ම ටිපර් රථයේ රියදුරු මෙලෙස රෝහල් ගතකළ අය බවයි වාර්තා වුණේ.

තුවාලකරුවන් අතරින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහල වෙත මාරැකර යවා තිබෙනවා.

ඩිෆෙන්ඩර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වෙන බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් ඕපනායක පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?