spot_imgspot_img
spot_img

බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතකළ බිළිඳිය රැගෙන හෙද මව රෝහලෙන් පැන ගිහින්

බණ්ඩාරවෙල, කිණිගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින කාන්තාවක් විසින් ඊයේ (06) දින සිය වයස මාස දෙකහමාරක කුඩා දියණිය දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ, දියණියට අතක අමාරුවක් ඇති බව පවසමින්.

පසුව දැරිය පරීක්ෂාකර ඇති වෛද්‍යවරුන්ට ඇයගේ වම් අතේ උරහිස කොටස දැඩි ලෙස හානි සිදුව ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

ඊට අමතරව දැරියගේ උකුල් ඇටවලට දැඩි හානි සිදුව ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

එය ස්වභාවික ලෙස සිදුවිය නොහැකි හානි බැවින් ඒ අධිකරණ වෛද්‍යවරයා විසින් මව සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ඇයව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ දී එම කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා රෝහලට ඇතුළත් කර සිටි කුඩා දියණිය ද රැගෙන රෝහලින් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් රෝහල විසින් බණ්ඩාරවෙල පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ දැරිය ඒ වනවිටත් බරපතළ තත්ත්වයෙන් සිටි බවයි.

අදාළ කාන්තාව උතුරු කොළඹ ප්‍රදේශයේ රජයේ රෝහලක සේවය කරන හෙදියක් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
2
+1
4
+1
14
+1
6
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?