බඹර ප්‍රහාරයකින් පස්දරු පියෙක් ජිවිතක්ෂයට

තේ වතු යායක වැඩ කරමින් සිටි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

තවත් වතු කම්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බඹර ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වී ඇත්තේ ලිඳුල ෆර්රාම් වතුයායේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක්.

ලිඳුල පොලිස් වසමට අයත් ෆර්රාම් වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද උදෑසන 10ට පමණ බඹර ප්‍රහාරය එල්ල වී ඇතැයි සඳහන්.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයන් තුන් දෙනා ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන එන අවස්ථාවේ එක් අයෙකු ජිවිතක්ෂයට පත් වී සිටි බවයි අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?