බඹරුන් නිසා පාසල් සිසු සිසුවියන්,ගුරුවරුන් සහ දෙම්ව්පියන් 20 දෙනෙකු රෝහලට

බඹර ප්‍රහාරයකට ලක්ව ඇති කුලියාපිටිය – ඉගුරුවත්ත විද්‍යාලයේ පාසල් සිසු සිසුවියන්,ගුරුවරුන් සහ දෙම්ව්පියන් 20 දෙනෙකු ප්‍රතිකාර සදහා කුලියාපිටිය මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

19 වෙනිදා සවස මෙම බඹර ප්‍රහාරය සිදු වී ඇත.

විදුහලට යාබද ගෙවත්තක සියඹලාගසක බැද තිබූ බඹර කූඩුවකට කාක් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්,ඒ සමගම බඹරුන් කලබලයට පත්ව ප්‍රහාරය එල්ල කර ඇති බවත් ප්‍රදේශවාසීන් සදහන් කරයි.

බඹර ප්‍රහාරයට ලක්ව ඇති පිරිස 1990 ගිලන් රථවලින් මෙන්ම,කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ වාහන වලින්ද රෝහල් කරා ගෙන යාමට කටයුතු කර ඇත.පසුව කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සේවකයින් විසින් පාසල අවට ප්‍රදේශය තුළ ධූමායනය කිරීමට කටයුතු කර තත්ත්වය පාලනය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?