බන්ධනාගාර රැඳවියෙකුට ලිංගික හිංසනයක්

බදුල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුට ලිංගික හිංසනයක් සිදු ක‍ළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව අද (12) විමර්ශනයක් සිදුකරන බව බදුල්ල පොලිසිය පවසනවා.

22 හැවිරිදි මෙම සිරකරු ගංජා ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වී රුපියල් 25000 දඩය ගෙවා ගත නොහැකිව සිර දඬුවම් ලැබූ අයෙක් බව සඳහන්.

ඔහු අසනීප තත්වයක් නිසා බන්ධානාගාර ‍වෛද්‍ය ඒකකයට ඇතුලත් කර තිබියදී නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම අපරාධය සිදු කර ඇති බවට ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් සිරකරු වෛද්‍ය පරික්ෂණයක් සඳහා බදුල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කළ බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

බදුල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?