බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගේ නිල නිවසින් කෝටියකට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ අතුරුදන්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතාගේ නිල නිවසින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් සහ රුපියල් 700,000 වටිනා රන් ආභරණ අතුරුදන්වීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිල නිවස පිහිටා ඇත්තේ බොරැල්ල මැගසින් බන්ධනාගාර සංකීර්ණය තුළ වන අතර එම නිල නිවස පිරිසුදු කරනු ලබන්නේ බන්ධනාගාර රැඳවියන් විසින් බවයි වාර්තා වන්නේ.

මෙම නිවසේ පදිංචි නිවැසියන් පසුගිය නොවැම්බර් මාසයෙන් පසු නිවසේ තිබූ රන් ආභරණ පරීක්ෂා කර නොමැති බව ද පොලිසිය පවසනවා.

රන් ආභරණ අතුරුදන් වී ඇති බව දැනගත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාගේ බිරිඳ විසිනුයි සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ලට පැමිණිල්ලක් කර ඇත්තේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට සිරකරුවන් විශාල පිරිසක් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිල නිවස පිරිසිදු කර ඇති බැවින් ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කළ යුතු බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?