spot_imgspot_img

බණ්ඩාරගම අනතුරකින් පසු උණුසුම්කාරී තත්ත්වයක් (වීඩියෝ සහ ඡායාරූප)

බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හන්දියේ දී මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසු යතුරුපැදිකරු මෝටර් රථ රියදුරාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පහර දීමෙන් මෝටර් රථයේ රියදුරා මාර්ගයේ ඇද වැටී ඇති අතර යතුරුපැදිකරු මෝටර් රථයට ද බරපතල අලාභ සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව ප්‍රදේශවාසීන් සහ යතුරුපැදිකරු අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වී තිබෙනවා.

යතුරුපැදිකරු ඔහුගේ ගැබිණි බිරිඳ සමග යතුරු පැදියෙන් පැමිණීමේදී යතුරු පැදිය මෝටර් රථයේ ගැටී පෙරළීමෙන් අනතුර සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් යතුරුපැදිකරු උරණ වී මෙලෙස ප්‍රකෝපකාරී ලෙසට හැසිරී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

යතුරුපැදිකරුගේ පහරදීමෙන් තුවාල ලබා මාර්ගයේ වැටී සිටි මෝටර් රථ රියදුරා පොලිස් නිලධාරීන් විසින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ බණ්ඩාරගම හොරණ මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගත් බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
22
+1
5
+1
4
+1
8
+1
6
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?