බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රදවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
දෙදින විවාදයක් ලෙස මෙම විවාදය පැවැත්වෙන අතර මේ සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වී ඇති බව සඳහන්.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වුණා.
බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව පසුගිය සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1