spot_imgspot_img

බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 258ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 258ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් රැස් කළා.

සධීර සමරවික්‍රම ලකුණු 93ක් ලබාගත්තා. කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ලබා සිටියදී දැවී ගියා.

නායක දසුන් ශානක ලකුණු 24කට දැවී ගියා. පැතුම් නිස්සංක 40යි.

පන්දු යැවීමේදී Taskin Ahmed සහ Shoriful Islam කඩුලු දෙක බැගින් බිඳහෙලුවා. Hasan Mahmud කඩුලු 3ක් දවා ගත්තා. බංග්ලාදේශ පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?