පෝද්දල තරුණයෙක් දියේ ගිලී මියයයි

අක්මීමන කුරුන්ද කන්ද පහළ ප්‍රදේශයේ පිහිටි අමුණක් අසල අද (29) දහවල් දිය නෑමට ගිය මිතුරන් පිරිසක් අතරින් එක් අයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බව අක්මීමන පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නරාවල පෝද්දල පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.

පුද්ගලයන් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් දිය නෑමට ජලයට බැස ඇති බව අනාවරණය වි ඇති බවත් ඉන් එක් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇතැයි පොලිසිය පොලිසිය පවසනවා.

ප්‍රදේශවාසීන් හා පොලිස් නිළධාරින් එක්ව අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර දිය නෑමට පෙර අමුණ අසල මත්පැන් පානය කරමින් සිට ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසනවා.

හදිසි මරණ පරීක්ෂණය එම ස්ථානයේ සිදු කිරිමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව අති අතර සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
5
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?