පොළොන්නරුවේ මාරක අනතුරක් – කාන්තාවන් දෙකක් මරුට

පොළොන්නරුව, ඕනෑගම ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේ සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

පොළොන්නරුව දෙසට ධාවනය වූ අත්ට්‍රැක්ටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැන්‍ටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් අත්ට්‍රැක්ටරයේ රියදුරු සහ පසුපස ට්‍රේලරයේ ගමන්ගත් ළමුන් සහ කාන්තවන් ඇතුළු 09 දෙනෙක් බරපතළ තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත්කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් 46 සහ 47 යන වයස්වල පසුවූ තැනැත්තියන් බවයි වාර්තා වුණේ.

එම කන්තාවන්ව දෙදෙනා ඇතුමල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියන් බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ 12 සහ 14 යන වයස්වල පසුවන කුඩා ළමුන් දෙදෙනෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවන අවස්ථාවේ කැන්ටර් රථයේ රියදුරු බීමතින් සිට ඇති අතර, ඔහු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සකකරු අද (16) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?