spot_imgspot_img

පොළොන්නරුවේ ගොවීන්ට හෙට සිට වවුචරේට යූරියා පොහොර

පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන්ට යූරියා පොහොර මිල දී ගැනීම සඳහා ලබා දී ඇති වවුචර්පත්වලට හෙට (13) සිට එම පොහොර මිල දී ගතහැකි බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා සඳහන් කරනවා.

ඒ, අනුව එම වවුචර්පත්වලට යුරියා පොහොර පොළොන්නරුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

කොළඹ වරායට පැමිණ ඇති යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නැවේ පොහොර ගොඩබෑම අද (12) පස්වරුවේ සිට ආරම්භ කරන බවයි ඔහු දැනුම් දෙන්නේ.

ඊයේ (11) පැවැති අධික වැස්ස හේතුවෙන් පොහොර ගොඩබෑමේ කටයුතුවලට බාධා එල්ල වී තිබූ බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?