පොහොර ලබාදීමෙන් ඉදිරියේ දී රජය ඉව‍තට

රජය සම්බන්ධ නොවී ගොවීන්ට පොහොර ලබාදීමට නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෘෂිකර්ම ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ගොවිජන් සේවා කොමසාරිස්වරයාට මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී මෙම පුඅදෙස් ලබාදීම සිදුකර තිබෙනවා.

යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීම වෙනුවෙන් රජය මැදිහත් වන නමුත් ඉදිරියේදී ඉන් එයින් ඉවත් වන බවයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී රත්නායක මෙහිදී දැනුම් දී ඇත්තේ.

පොහොර ලබාදීමට අවශ්‍ය මුදල් රජය විසින් ලබාදෙන අතර, රජය මැදිහත්ව ලබාගන්නා විදේශ අධාර පොහොර, පොහොර ආනයනය කරන පුද්ගලික අංශයේ ආයතන වෙත ලබාදී පොහොර මිල අඩු කිරීමට රජය මැදිහත් වන බවයිඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?