පොලොන්නරු ජනතාව කියන්නේ මගේ පියාගේ හදවතයි.. – දහම් සිරිසේන වේදිකාවේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයට සහ ජනතාවට ඉරියේදි එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බව දහම් සිරිසේන මහතා අද ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ සභාපති ලෙස දහම් සිරිසේන මහතා පත්කෙරිණි .

මීට ප්‍රථම දහම් සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස පත්කෙරුණු අතර අද දිනයේ සමස්ත පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස තේරී පත්විය.

අද රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයත් සමග බොහෝ තරුණ තරුණියන් රට අතහැර දමා යෑමට පෙළඹී ඇති බවත් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට දීර්ඝකාලීන නිවැරැදි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් දහම් සිරිසේන මහතා කියා සිටියා.එවැනි වැඩපිළිවෙළක් සමග ඉදිරියට යාමට හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ද ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා .

එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය සහ පොලොන්නරුවේ ජනතාව යනු තම පියාගේ හදවත බවත් ඉදිරියේදී පොළොන්නරු දිස්ත්‍රික්කයට මෙන්ම පොලොන්නරුව ජනතාවට එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කර සිටියා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?