පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

සියඹලාවැව ප්‍රදේශයේ නිවසක ඇති දෝෂ මඟ හැරවීම සඳහා ශාන්ති කර්මයක් සිදුකළ පුද්ගලයා විසින් නිවසේ දෝෂ මඟ හැරීමට නම් රනින් නිම කරන ලද පක්ෂියකුගේ අනු රුවක් නිවසේ තැන්පත් කරන ලෙස නිවැසියාට පවසා ඇත .

පසුව එම පක්ෂියාගේ අනුරුව රනින් නිම කිරීමට ලක්ෂ 06 ක මුදලක් අවශ්‍ය බව පවසා නිවැසියාගේන් ලක්ෂ 03 ක මුදලක් ලබා ගෙන ව්‍යාජ ලෙස සකස් කළ රන් ආලේපිත අනුරුවක් ලබා දී වංචාවක් සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

නිවැසියන් විසින් මෙම පක්ෂියාගේ අනුරුව රන් භාණ්ඩ වෙළඳසැලකින් පරීක්ෂා කිරීමේදී මෙය රනින් නිම කර නොමැති බවට අනාවරණය වීමෙන් පසු මෙම වංචාව සිදුකළ සැකකරු සහ තවත් පුද්ගලයෙකු ඉතිරි මුදල් ලක්ෂ 03 ලබා ගැනීමට නිවසට පැමිණීමේදී පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු (17) වන දින අත්අඩංගුවට ගෙන ඇත .

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 46 වයස්වල පසුවන තිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය

සැකකරුවන් 18 වන අද දින අම්පාර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .

මධ්‍යම කඳවුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

මුදල් ලබා ගැනීමේ වංචනික චේතනාවෙන් සිදුකරන මෙවැනි ක්‍රියාවන්ට හසු නොවීමට කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?