පොලිසියෙන් අහසට වෙඩි

කොළොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු බේරා ගැනීමට තැත් කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට ඊයේ රාත්‍රී කටයුතු කළ බව පොලිසිය පවසනවා.

කොළඹ අපරාධ කොට්ඨායේ නිලධාරීන් පිරිසක් සිංහපුර ක්‍රීඩාංගණය ප්‍රදේශයේ මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටියදී පුද්ගලයකු අත තිබූ යමක් විසි කරන ආකාරය පොලිස් නිලධාරීන් දැක ඇතැයි සඳහන්.

එම සැකකටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට උත්සාහ කිරීමේදී ඥාතීන් සහ ගම්වාසීන් පොලිස් ජීප් රථය වටකර සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මුදා ගැනීම සඳහා උත්සහ කිරීමේදී අහසට වෙඩි තබා පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එම වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ දේපළවලට හානියක් වී නැහැ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?