පොලිසියට බෝතලෙන් ගැසූ මන්ත්‍රී රිමාන්ඩ්

පසුගිය 26 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාග කරන අවස්ථාවේ දී අධිකරණය ඉදිරිපිටදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර හිටපු නාගරික මන්ත්‍රී දනුක හෙට්ටිආරච්චි නැමැත්තා ලබන සැප්තැම්බර් 08 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කළා.

පසුගිය 26 ව දා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහර දී තුවාල සිදුකිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව එම සැකකරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර දී මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (27) අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත ඉදිරිපත් කළ බවයි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 52 හැවිරිදි නාගොඩ, කළුතර ප්‍රදේශයේ පදිංචි හිටපු නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්.

කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව අධිකරණයට දැන්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
20
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?