පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521ක්

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521ක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

මේ පිළිබඳව ඊයේ (16) දින නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මහාචාර්ය අර්ජුන පරාක්‍රම විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (16) දින සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මෙම දැනුම්දීම සිදුකළා.

ඉකුත් ජනවාරි මස 20 වනදා වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිට ගාලු මුවදොර මුදල් අමාත්‍යාංශය දක්වා වෘත්තිකයින් විසින් පාගමනක් සංවිධානය කර තිබූ බවත්, එහිදී පොලිසිය බාධා කිරීම් සිදුකළ බවත්, එමඟින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත් මෙම පෙත්සම ගොනුකරමින් දන්වා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?