පොලිසියටත් ආර්ථික අපහසුතා, නිලධාරීන් හතරක් එක්ව මාල කඩා මාට්ටු වෙයි

තරුණයකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ජංගම දුරකථනය මංකොල්ල කෑ පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් කොට්ටාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරීන් සිව්දෙනා මාලඹේ පොලිසියට අනුයුක්ත සේවය කරන නිලධාරීන් බවයි වාර්තා වුණේ.

අදාල තරුණයා පසුගිය 20 වනදා කොට්ටාව විද්‍යාල හංදිය ප්‍රදේශයේ සිය සහෝදරියගේ නිවසට පැමිණ එම නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිය දී මෙම මංකොල්ලකෑම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් සිව්දෙනා තරුණයා අසලට පැමිණ ඔහු කර බැඳි රන් මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා පලාගොස් තිබූ බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

පසුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකෑමට යොදාගත් ත්‍රිරෝද රථය සහ කොල්ලකන ලද රන් මාලය සහ ජංගම දුරකථනය ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

 සැකකරුවන් හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත‍යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?