පොලිස් රංගනයක නිරත වූ දෙදෙනා අල්ලයි

පොලිස් නිලධාරීන් බවට පවසමින් බස්නාහිර පළාතේ ස්ථාන රැසක කොල්ලකෑම් සිදු කළ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබී කොල්ලකන ලද රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

ඒ අතර ජංගම දුරකථන 83ක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 5 ක් සහ ටැබ් 4ක් වන බව සඳහන්.

අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දහයක් ද සහ යතුරු පැදියක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

හම්බන්තොට සහ පල්ලෙවෙල පදිංචි සැකකරුවන් දෙදෙනා අවුරුදු 24 සහ 36 වයස්වල පසු වනවා.

මෙම පුද්ගලයන් දෙදෙනා වැඩිදුර විමර්ශණ සඳහා මෝදර පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?