ලබන 31 වෙනකන් රට වෙනස් වෙන හැටි මෙන්න

පොලිස් නිළධාරින්ගේ නිවාඩු අවලංගු වෙයි, සුපිරි වෙළඳසැල්වලටත් දැනුම් දීමක් -

අද රාත්‍රී 12 සිට වහාම ක්‍රියාත්මකවන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. මෙම නියෝගය ලබන 31 වනදා දක්වා වලංගු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.කෙසේ වෙතත් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල සිටින පොලිස් නිලධාරීන්ට එම සංචරණ සීමා කාලසීමාව අවසන් වනතුරු ප්‍රදේශයේ රැඳී සිටීමට අවසර හිමිවනු ඇති.

අද දින මධ්‍යම රාත්‍රී 12 සිට සංචාරණ සීමා පැනවෙන්නේ අත්‍යාවශ්‍ය ගමන් හැර විනෝද ගමන් සහ වෙනත් ගමනා ගමනය වැලක්වීමට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර පළාත් අතර සංචරණය සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොකෙරෙන අතර අදාළ පළාත් සීමාවන්හි ඇති මාර්ග බාධකවලදී රථවාහන පරීක්ෂා කිරීම් සිදුකෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

එසේම සංචාරක හෝටල්වල වෙනත් පළාත්වලින් පැමිණෙන පුද්ගලයන් රඳවාගතහොත් අදාළ හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා වෙනත් පළාත්වලින් පැමිණ නවාතැන්ගෙන සිටින පුද්ගලයන් එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට සහ පොලිස් ස්ථානයට ඒ බව පූර්ව දැනුම්දීමක් සිදුකළ යුතු වනවා.

අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පළාත් අතර ගමන් කරන පුද්ගලයන් තම රාජකාරී හැඳුනුම්පත භාවිත කර එම ගමන් සිදුකර හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.එමෙන්ම සුපිරි වෙළඳසැල් ඇතුළු අනෙකුත් ව්‍යාපාරික ස්ථානවල අදාළ පූර්ණ ධාරිතාවයෙන් සියයට 25 ඉක්මවා ඇති බව යම් අවස්ථාවක හැඟී ගියහොත් අදාල ව්‍යාපාරික ස්ථානයේ, කාර්යාලයේ ප්‍රධානීන් ඇතුළු අතිරේකව රැඳී සිටින්නන්ට නිරෝධායන නීති අනුව නඩු පැවරීම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?