spot_imgspot_img

පොලිස් නිලධාරීයා අනියම් පෙම නැවතූ නිසා කෝප වූ කත පොලීසිට කඩා පැන යකා නටයි

බිංගිරිය පොලිස් ස්ථානයට කඩා වැදී රාජකාරියේ නිරත වෙමින් සිටි රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට බැන වැදුණු බව කියන කාන්තාවක් මෙම මස 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෙට්ටිපොල මහේස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හිගුරක්ගොඩ – තානායම පාර පදිංචි කාන්තාවක්.

19 වෙනිදා දහවල් කාලයේ තමන් පොලිස් ස්ථානයේ නිල කාමරයේ රාජකාරියේ නිරත වෙමින් සිටින විට පැමිණි කාන්තාවක් තමන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් රාජකාරියට බාධා කළ බව බිංගිරිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථනාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියංකර යන අය පොලීසියට පැමිණිල්ලක් කරමින් සදහන් කර ඇත.

එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වී ඇති පොලිස් නිලධාරීන් බිංගිරිය – බෝවත්ත බස් නැවතුම් පළේ රැදී සිටින විට සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිළිකාර පොලිස් පරීක්ෂකවරයා කටුනායක ප්‍රදේශයේ රාජකාරි කටයුතු සිදු කරන කාලයේ සැකකාරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත. එම සම්බන්ධතාවය නවත්වා දැමූ නමුත් පැමිණිළිකාර පොලිස් නිලධාරියා පසුව සේවය කරන සෑම පොලිස් ස්ථානයක් වෙතම ගොස් සැකකාරිය කලහකාරී ලෙස හැසිරී ඇති බවද විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
34
+1
2
+1
0
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?