පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට චංඩි පාට් දැමූ අය සොයා පරීක්ෂණ

තලාතුඔය පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගුරුදෙණිය මාර්ගයේ රාජපක්ෂ වංගුව ආසන්නයේ දී (17) දා රාත්‍රී 11.00 ට පමණ කිසියම් පිරිසක් විසින් බරපතළ අයුරින් පහරදීම නිසා තුවාල ලත් පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

පහර කෑමට ලක්ව ඇත්තේ පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔවුන් දෙදෙනා රාජකාරි නිමකර රාත්‍රී කාලයෙදී අදාළ ස්ථානයට ගොස් තිබෙන බව පොලීසිය පවසයි.

පොලිස් සැරයන්වරයා 17 දින පස්වරු 16.00 ට පමණ සේවා අවසන්ව නිවසට යන බව පවසා පොලීසියෙන් පිටව ගොස් තිබෙන අතර පොලිස් කොස්තාපල්වරයා අදාළ ස්ථානයට ගොස් ඇත්තේ තනිකඩ භට නිවාසයේ සිටය.

මෙම පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තලාතුඔය පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?