spot_imgspot_img

පොලිස්‌ නිලධාරිණියක්‌ ලෙස පෙනී සිටිමින්‌ මුදල්‌ වංචා කළ සැකකාරියක්‌ අත්‌අඩංගුවට

ව්‍යාජ නමකින්‌ පෙනි සිටිමින්‌ රුපියල්‌ ලක්ෂ 05 ක මුදල්‌ වංචා කිරිමක්‌ සම්බන්ධව 07 වන දින මොරටුව පොලිස්‌ ස්ථානය වෙත ලැබි තිබු පැමිණිල්ලක්‌ සම්බන්ධව මොරටුව පොලිසිය විසින්‌ විමර්ශනයක්‌ ආරම්භකර තිබුණා.

ඒ අනුව අපරාධයට සම්බන්ධ සැකකාරියක්‌ (11) වන දින බොරැල්ල ප්‍රදේශයේදි මොරටුව පොලිස්‌ ස්ථානයේ නිලධාරින්‌ කණ්ඩායමක්‌ විසින්‌ අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය වයස අවුරුදු 24 ක්‌ වන සරණපාල හිමි මාවත, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකාරිය ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලික රක්ෂණ ආයතනයක සේවය කරමින්‌ සිටින අතරතුර මෙම අපරාධය සිදුකර ඇති බවත්‌ ,තමන්‌ උසස්‌ පොලිස්‌ නිලධාරිණියක්‌ බවට පවසමින්‌ පැමිණිලිකරුගෙන්‌ අවස්ථා දෙකකදී රුපියල්‌ ලක්ෂ
05 ක මුදලක්‌ වංචනිකව ඇයගේ බැංකු ගිණුම වෙත බැරකරගෙන ඇති බවට අනාවරණය වි ඇත.

තවද සැකකාරිය විසින්‌ ව්‍යාජ හැදුනුම්පතක්‌ හා පොලිස්‌ මූලස්ථානයේ ලිපි ශීර්ෂයක්‌ ව්‍යාජ ලෙස නිර්මාණය කර එහි ඡායාරූප පැමිණිළිකරු හට වට්ස්‌ ඇප්‌ තාක්ෂණය මගින්‌ යොමුකර මෙම වංචාව සිදුකර ඇති අතර ඒ සඳහා භාවිතා කරන ලද ජංගම දුරකථනයක්‌ හා ව්‍යාජ ලේඛනයන්‌ පොලිසිය චිසින්‌ සොයා ගෙන ඇත.

මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?