spot_imgspot_img

පොලිස් අණ නොතකා ගිය ලොරියේ හොර හරක්

පොලිස් අණ නොතකා ගවයින් රැගෙන ධාවනය කළ ලොරි රථයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද (12) අලුයම කළුතරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්.

පානදුර දෙස සිට පයාගල දෙසට ගාලු පාරේ ගමන් කළ ලොරි රථය කළුතර නගර මධ්‍යයේදී නතර කරන ලෙස පොලිස් නිලධාරීන් අණ කර ඇති අතර එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් යතුරුපැදි දෙකකින් කිලෝමීටර් දෙකක් පමණ දුරක් ලුහුබැඳ කටුකුරුන්ද ප්‍රදේශයේ දී ලොරිය නතර කරගෙන තිබෙනවා.

එය පරීක්ෂා කිරීමේදී එහි හිංසාකාරී ලෙස ගැටගසා තිබූ ගවයින් 4ක් ලොරි රථය සමගින් පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

හොරණ ප්‍රදේශයෙන් සොරකම් කර ඇති මෙම ගවයින් කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයට රැගෙන එමින් සිට ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?