නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 12,066 දෙනෙක් පොදු සමා කාලයේ පළමු සති තුන තුළ ඉවත් කළ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.
යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ, අනුව මෙම පොදු සමා කාලයේ පළමු සති 03 තුළ 2023 වසරේ දෙසැම්බර් 31 සහ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයින් 11,985ක් ඔවුන්ට අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදෙස් ගතව සිටින යුද හමුදා සාමාජිකයින් 81 දෙනෙක් ද මෙම කාල සීමාව තුළ සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.
















