සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (09) ඇප මත මුදාහැර තිබෙනවා.
රුපියල් ලක්ෂ දහයක වත්කම් ඇප දෙකක් සහ මුදලින් ලක්ෂ එකහමාරක ඇපයක් මත ඔහු නිදහස් කර ඇති අතර, ඊට අමතරව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පැනවීමටයි අධිකරණය නියෝග කළේ.
2017 වසරේ දී හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවක් මත ඔහුට එරෙහිව පැවති නඩුවක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි මෙලෙස ඇප නියම කරනු ලැබුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
11
+1
1
+1
+1
+1
4





