පෙර පාසල් දරුවන්ගේ රන් භාණ්ඩ සොරකම් කළ ගුරුවරියන් රිමාන්ඩ්

කෑගල්ල දේවාලේගම ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ගේ පංචායුධ සහ කරාබු ගලවා අලෙවි කිරීම සම්බන්ධයෙන් එම පෙරපාසලේ ගුරුවරියන් දෙදෙනෙකු ලබන අප්‍රේල් මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකාර ගුරුවරියන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දේවාලේගම පොලිසිය විසින්.

ඔවුන් දෙදෙනා අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව නියෝග කෙරුණේ ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මෙම ගුරුවරියන් දෙදෙනා සේවය කළ පෙර පාසලේ කුඩා ළමුන් 30 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන බව සඳහන්.

මාසයක පමණ කාලයක සිට මෙම පෙර පාසලේ දරුවන්ගේ ගෙල බැඳි පංචායුධ නැතිවන බවට දෙමව්පියන්ට තොරතුරු ලැබී තිබෙනවා.

දැරියන් දෙදෙනෙකුගේ කන්වල තිබූ එක් කරාබුව බැගින් ද නැතිවීම හේතුවෙනුයි දෙමව්පියන් මේ සම්බන්ධයෙන් සොයා බලා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත පෙර පාසලේ ප්‍රධානාචාර්යවරිය මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව පොලිසිය කුඩා දරුවන්ගෙන් කළ විමසීමේදී ප්‍රකාශකර ඇත්තේ තම පෙරපාසලේ ගුරුවරිය කතුරකින් ගෙල බැඳි පංචායුධ කපාගත් බවයි.

ඒ අනුව කාන්තා පොලිස් නිලධාරිනියක් විසින් සැකකාරියන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇති අතර සොරකම් කළ පංචායුධ හා කරාබු ස්වර්ණාභරණ අලෙවිසැල් වෙත අලෙවිකර තිබියදී සොයා ගැණුනා.

ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂය ඉක්මවන බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

පෙර පාසල් දරුවන්ගේ ගෙල බැඳි පංචායුද සහ කරාබු අවස්ථා කිහිපයකදී ගලවාගෙන ඇති බව ද සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් දේවාලේගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?