Indian Premier League

පෙම් හසුනක් නිසා ඇමතිගේ පුතු කිරිබත්ගොඩ දී යකා නටයි

ඩිෆෙන්ඩර් රථවල ආරක්ෂාව මැද පැමිණි ඇමැති පුතෙක් යැයි කියාගත් තරුණයකු ඇතුළු කණ්ඩායමක් කිරිබත්ගොඩ ප්‍රසිද්ධ උපකාරක පන්තියක් ඉදිරිපිටදී පන්තියට පැමිණි සිසුවකුට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර ඇත.පහරදුන් පිරිසට අමතරව කළු ඇඳුම් ඇඳගත් ප්‍රභූ ආරක්ෂකයන් මෙන් වූ පිරිසක් ඩිෆෙන්ඩර් රථවලින් පැමිණ අසල සිටි බවද ගම්වාසීහු පවසති.

ඔවුන් පහරදීම සඳහා පැමිණි මෝටර් රථය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කළ මෝටර් රථයක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.පොලීසිය පැවසුවේ ඒ අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ 20 හැවිරිදි පුත්‍රයා ද සිට ඇති බවය.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ ඇමති පුත්‍රයාගේ මිතුරෙකුගේ පෙම්වතියකට, අදාළ සිසුන් දෙනොගෙන් අයෙක් පෙම් හසුනක්දීමේ සිද්ධියක් මෙම පහරදීමට හේතුවී ඇති බවය.

සැකකරුවන්ගේ පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇත

මේ සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා සහ තවත් පිරිසක් කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22

?