spot_imgspot_img

පෙම්වතිය මරා මළ සිරුර නිවසේ ජල ටැංකියක සඟවලා

පෙම්වතා විසින් තම පෙම්වතිය ඝාතනය කර ඇයගේ සිරුර ඉදිකරමින් පවතින ඔහුගේ නිවසේ ජල ටැංකියක සඟවා තිබිය දී ඊයේ (09) සොයාගත් බව ඉන්දීය පොලිසිය පවසනවා.

අරවින්ද් නැමැති සැකකර පෙම්වතා සති දෙකකට පමණ පෙර කේසර් නැමැති සිය පෙම්වතිය මෙලෙස ඝාතනය කර ඇති බවයි සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

තම දියණිය අතුරුදන්ව ඇති බවට කේසර්ගේ මව්පියන් විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී ඇයගේ දුරකථනයේ ඇමතුම් විස්තර මත පෙම්වතා වන අරවින්ද් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සඟවා තිබූ මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා.

ඒ, අනුව යමුනාපාර් කාර්චානා පොලිස් බල ප්‍රදේශයට අයත් මහේව ප්‍රදේශයේ ඉදිවෙමින් ඇති නිවසක ජල ටැංකික තිබී අදාළ තරුණියගේ සිරුර මෙලෙස සොයාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර ඝාතනයට හේතුව කුමක් ද යන්න තවමත් අනාවරණය කරගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
3
+1
11
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?